33.9 C
Colombo
Friday, April 10, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමිණිබිරියට හදි කළ හැත්තෑ හැවිරිදි සීයා අත්අඩංගුවට

මිණිබිරියට හදි කළ හැත්තෑ හැවිරිදි සීයා අත්අඩංගුවට

මිනිබිරියට අතවර කළ හැත්තෑ හැවිරිදි සියා කලවාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහුගෙන් සිදුවන ලිංගික හිරිහැර ඉවසා දරාගැනීමට නොහැකි වූ 15 හැවිරිදි දැරිය කලවාන පිටිගල කන්ද ප්‍රදේශයේ පදිංචි නිවසින් පලා යාමේදි ඇලපාත ප්‍රදේශයේ දී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම අවස්ථාවේදි පොලිස් නිලධාරින් විසින් කරුණු විමසීමේ දි දැරිය සියාගෙන් සිදුවන ලිංගික හිංසනයන් ගැන පොලිසිය දැනුවත් කර තිබෙනවා.

කොරෝනා වෛරසය ව්‍යාප්ත වූ අවධියේ සිට නිවසේ සිටි දැරියගේ දෑත් දෙසා ගැටගසා වද හිංසා පමුණුවා ලිංගික හිංසන සිදු කර ඇති බව පොලිසිය හමුවේ දැරිය වැඩිදුරටත් පවසා ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.