28.9 C
Colombo
Monday, July 21, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමෙරට ධීවර යාත්‍රාවකට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක්

මෙරට ධීවර යාත්‍රාවකට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක්

දකුණු මුහුදේ ධීවර කටයුතුවල නිරත වෙමින් සිටි මෙරට බහුදින යාත්‍රාවකට ඉන්දුනීසියාවේ බවට සැකකෙරෙන යාත්‍රාවක සිටි පිරිසක් පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමෙන් තුවාල ලැබූ ධීවරයා අද (11) රාත්‍රියේ ගාලු වරාය වෙත නාවික හමුදාව විසින් රැගෙන ඒමෙන් පසු ප්‍රතිකාර සඳහා කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබෙනවා.

පසුගිය ඉරිදා එල්ලවූ මෙම ප්‍රහාරයෙන් එහි සිටි ධීවරයෙකු බරපතල පිළිස්සුම් තුවාල ලබා තිබේ.

තුවාලකරු අසලින් ගමන් කළ නෞකාවක් වෙත බාරදී ඇති අතර පසුව ඔවුන් විසින් තුවාලකරු මෙරට මුහුදු සීමාවේ දී නාවික හමුදා වෙත භාරදී තිබේ.

පසුගියදා මීගමුව ප්‍රදේශයෙන් මුහුදුගොස් ඇති මෙම යාත්‍රාවේ තවත් ධීවරයින් 06 දෙනෙකු සිට තිබේ. කෙසේ වෙතත් අනෙක් ධීවරයින්ට හානියක් සිදුවී නොමැති අතර මෙලෙස තුවාල ලබා ඇත්තේ ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි ධීවරයෙකු බව එම වාර්තා සඳහන් වැඩිදුරටත් සදහන් කළේය.