― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsසංහිඳියා ප්‍රශ්නය නුදුරේදීම විසඳීම ජනපතිගේ අරමුණයි

සංහිඳියා ප්‍රශ්නය නුදුරේදීම විසඳීම ජනපතිගේ අරමුණයි

ශ්‍රී ලංකාව තුළ සංහිඳියාව ඇති කිරීමේ කාර්යභාරය ඊළඟ පරම්පරාවට උරුම නොකර එය වර්තමානයේදීම විසඳීම ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ අරමුණ බව ජනාධිපති ලේකම් සමන් ඒකනායක පවසනවා.

සංහිඳියා ක්‍රියාවලිය ආශ්‍රිත ගැටලු විසඳා ගැනීමේ දැඩි අවශ්‍යතාවක් පවතින අතර එම ප්‍රයන්තය සාර්ථක කර ගතහොත් රටක් ලෙස වසරක් පාසා ජිනීවා විත්ති කූඩුවට නැගීමට අවශ්‍ය නොවන බවයි ජනාධිපති ලේකම්වරයා පෙන්වා දෙන්නේ.

ජනාධිපති ලේකම් සමන් ඒකනායක මෙම අදහස් පළ කළේ විදේශ අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ ඊයේ (11) පැවැති සත්‍යය සහ ප්‍රතිසන්ධාන යාන්ත්‍රණය පිළිබඳ සිවිල් සමාජය දැනුවත් කිරීමේ සාකච්ඡාවකට එක්වෙමින්.

සත්‍ය සහ ප්‍රතිසන්ධාන යාන්ත්‍රණය පිළිබඳ විදේශ කටයුතු අමාත්‍යවරයා විසින් අරමුණු පැහැදිලි කළ අතර සත්‍ය සහ ප්‍රතිසන්ධාන කොමිසමේ (truth reconciliation commission) කාර්යභාරය පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබෙනවා.

එහිදී එම කොමිසම පිහිටුවීමේ අරමුණු ඉටුකර ගැනීම පිළිබඳ පැමිණ සිටි සිවිල් සමාජ සංවිධාන සාමාජිකයන්ගේ අදහස් සහ යෝජනා විමසා සිටි ජනාධිපති ලේකම් සමන් ඒකනායක සංහිඳියා ක්‍රියාවලිය සාර්ථක කර ගැනීම සඳහා සියලු දෙනාගේ සහාය අපේක්ෂා කරන බව ද සඳහන් කළා.

රටක් ලෙස ඉදිරියට යාමට සියලු පුරුවැසියන්ගේ එකඟතාව හා සහයෝගය අවශ්‍ය බවයි ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා එහිදි අවධාරණය කළේ.