― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsසාමාන්‍ය පෙළ ප්‍රායෝගික පරීක්ෂණවලට දින නියම වෙයි

සාමාන්‍ය පෙළ ප්‍රායෝගික පරීක්ෂණවලට දින නියම වෙයි

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය 2022 (2023) සෞන්දර්ය විෂයයන්හි ප්‍රායෝගික පරීක්ෂණ ලබන අගෝස්තු මස 2 වනදා ආරම්භ වන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර නිවේදනය කළේ අගෝස්තු 12 වනදා දක්වා දිවයින පුරා පිහිටුවන පරීක්ෂණ මණ්ඩලවලදී අදාළ පරීක්ෂණ සිදු කෙරෙන බවයි. සංගීතය (අපරදිග) විෂයෙහි ශ්‍රවණ පරීක්ෂණය අගෝස්තු 6 වන ඉරිදා පැවැත්වෙනවා.

විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේ පෙර පැවති ප්‍රායෝගික පරීක්ෂණ සඳහා යොදාගත් ඇගයීම් ක්‍රමවේදයෙහි වෙනසක් නොවන අතර මෙවර ද එම ක්‍රමවේදයම අනුගමනය කරන බවයි.

පාසල් සහ පෞද්ගලික අයදුම්කරුවන්ගේ විභාග ප්‍රවේශ පත්‍ර ඉදිරියේදී තැපැල් මගින් ලැබීමට සලස්වනු ඇති.