― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsසුබසාධන ප්‍රතිලාභ පනත නියමාකාරයෙන් ක්‍රියාත්මක කරනවා

සුබසාධන ප්‍රතිලාභ පනත නියමාකාරයෙන් ක්‍රියාත්මක කරනවා

සුබසාධන ප්‍රතිලාභ පනත නියමාකාරයෙන් ක්‍රියාත්මක කිරීමට රජය බලාපොරොත්තු වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි.

මෙතෙක් ශ්‍රී ලංකාවේ ඉහළම ආදායම් පන්තියේ සිටින අයගෙන් 12% ක ප්‍රමාණයක් රජය මගින් ලබාදෙන සහනාධාර ලබන බවට වාර්තා ඇතැයි ඔහු පවසයි. එම පනත නිසියාකාරව ක්‍රියාත්මක කිරීම තුළින් සුබසාධන ලබාගැනීමේදී තොරතුරු සපයන්නත් තොරතුරු රැස් කරන්නත් වගකීමකට බැඳෙන බවත් එහිදී රාජ්‍ය නිලධාරීන් එම වගකීම ගැනීමට සමහර අවස්ථාවලදී මැලිකමක් දැක්වූ නිසා වෙනත් ආධුනික කණ්ඩායම් යොදවා ගෙන තොරතුරු රැස් කළ බව ද අමාත්‍යවරයා කියා සිටියා.

අස්වැසුම වැඩසටහන සඳහා අභියාචනා භාර ගත් අවසන් දිනය වූ ජූලි මස 10 වැනි දින වන විට ඒ සඳහා අභියාචනා සහ විරෝධතා 960,000 කට ආසන්න ප්‍රමාණයක් ලැබී තිබුණා. එම අභියාචනා සහ විරෝධතා සම්බන්ධයෙන් පූර්ණ අවධානය යොමු කිරීමෙන් අනතුරුව හැකි ඉක්මනින් මෙම වැඩසටහන ආරම්භ කිරීමට අප බලාපොරොත්තු වෙනවා.

අස්වැසුම සුබසාධක දීමනාව සම්බන්ධයෙන් ඉදිරිපත් වී තිබෙන අභියාචනා හා විරෝධතා සලකා බැලීමේ කටයුතු කඩිනමින් ආරම්භ කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබේ. ඒවා සලකා බැලීමේ කටයුතු ඒ ඒ දිස්ත්‍රික් ලේකම්වරුන් විසින් සිදු කිරීමට නියමිතය.

මුදල් රාජ්‍ය ඇමැති ශෙහාන් සේමසිංහ සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් පවසා ඇත්තේ මෙම දීමනා ලබා දීමට අවශ්‍ය සියලු පාර්ශ්වයන් හඳුනා ගනිමින්, ‘අස්වැසුම’ සුබසාධක ප්‍රතිලාභ යෝජනා ක්‍රමයට ඔවුන් ඇතුළත් කිරීමේ කටයුතු ද විනිවිදභාවයකින් යුතුව සිදු කරන බවයි.