26.7 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsහිමිනමට සහ කතුන් දෙදෙනාට බැට දුන් අට දෙනා යළි රිමාන්ඩ්

හිමිනමට සහ කතුන් දෙදෙනාට බැට දුන් අට දෙනා යළි රිමාන්ඩ්

නවගමුව බෝමිරිය රාස්සපාන ප්‍රදේශයේ විහාරස්ථානයක් නමින් පවත්වාගෙන ගිය නිවසක් තුළදී හිමි නමක, තරුණියක සහ කාන්තාවක නිරුවත් කර පහර දීම ඇතුළු චෝදනා නවයක් යටතේ රක්ෂිත බන්ධනාගාර ගතව සිටි පුද්ගලයන් 8දෙනා ලබන 26 වෙනි දක්වා නැවතත් රිමාන්ඩ් බන්ධනාගාර ගත කරන්නැයි කඩුවෙල මහේස්ත්‍රාත් චාණිමා විජේබණ්ඩාර මහත්මිය අද (12) දින නියෝග කළාය.

මෙහිදී පැමිණිලිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණය වෙත කරැණු දක්වමින් පවසා සිටියේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට සිටින බවට පොලිසිය දැනුවත් කර ඇති බැවින් සැකකරුවන්ට ඇප ලබා නොදෙන ලෙසයි.