31.7 C
Colombo
Wednesday, January 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalආදායම් බදු ෆයිල් ලක්ෂ පහෙන් බදු ගෙවන්නේ 31,000යි

ආදායම් බදු ෆයිල් ලක්ෂ පහෙන් බදු ගෙවන්නේ 31,000යි

මෙරට පෞද්ගලික ආදායම් බදු ලිපිගොනු ලක්ශ 05ක් ලියාපදිංචිව ඇතත් බදු ගෙවීම් සිදු කරන්නේ 31,000 ක් පමණක් බව මහින්දානන්ද අලුත්ගමගේ පැවසීය.

හෙතෙම මේ බව අනාවරණය කළේ ජාතික ආර්ථික හා භෞතික සැළසුම් පිළිබද ආංශික අධීක්ශණ කාරක සභාවේදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ මේ වනවිට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට අය වීමට ඇති හිග බදු මුදල රුපියල් බිලියන 904ක් බවයි.

ජාතික ආර්ථික හා භෞතික සැළසුම් පිළිබද ආංශික අධීක්ශණ කාරක සභාව පසු ගියදා පාර්ලිමේන්තුවේදී රැස්වු‍ණේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිළදාරීන් ඇතුලු පිරිසකගේ සහභාගීත්වයෙන් මෙහිදී ආංශික අධීක්ශණ කාරක සභාවේ සභාපති මහින්දානන්ද අලුතගමගේ අනාවරණ කළේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට රුපියල් බිලියන 904 ක මුදලක් අය වීමට ඇති බවයි.