30 C
Colombo
Saturday, March 28, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඇමති බන්දුල උතුරු දුම්රිය මාර්ගය නිරීක්ෂණයට

ඇමති බන්දුල උතුරු දුම්රිය මාර්ගය නිරීක්ෂණයට

ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන අද (13) උතුරු දුම්රිය මාර්ගයේ, අනුරාධපුර සිට ඕමන්ත දක්වා දුම්රිය මාර්ග පුනරුත්ථාපන ව්‍යාපෘතිය යටතේ නවීකරණ කරන ලද දුම්රිය මාර්ගයේ විශේෂ නිරීක්ෂණ ධාවනයකට එක් වී තිබේ.

පැයට කිලෝමීටර් 100ක වේගයක් සහිතව දුම්රිය ගමන් කිරීමට හැකියාව ලැබෙන පරිදි නවීකරණය කරන ලද මෙම මාර්ගයේ ධාවන යෝග්‍යතාව පරීක්ෂා කිරීමට M 11 වර්ගයේ දුම්රිය එන්ජිමක් සහ වායු සමීකරණය කරන ලද සුඛෝපභෝගී නවීන මැදිරි කට්ටලයක් මෙම ධාවනයට එක්කර ඇත.

ඉදිකිරීම් අවසන්ව පවතින මෙම මාර්ගයේ නවීකරණ කටයුතුවලින් අනතුරුව නැවතත් අනුරාධපුර සිට දුම්රිය ගමන් ආරම්භ කිරීමට පෙර මෙම නිරීක්ෂණ ධාවනය සිදු වනු ඇති.