― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalකවුරු අස් වුණත් මගේ කමිටුව අඛණ්ඩව වැඩ - සාගර

කවුරු අස් වුණත් මගේ කමිටුව අඛණ්ඩව වැඩ – සාගර

රට මූල්‍ය බංකොලොත්භාවයට බලපෑ හේතු සොයා බැලීමට කථානායකවරයා විසින් පත් කරන ලද තේරීම් කාරක සභාවෙන් සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය ඉවත් වුවත් එම තේරීම් කාරක සභාවේ කටයුතු අඛණ්ඩව සිදු කරන බව එම තේරීම් කාරක සභාවේ සභාපති සාගර කාරියවසම් පැවසීය.

සභාපතිවරයා මේ බව සඳහන් කළේ ඊයේ (12) පැවති මාධ්‍ය හමුවකදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ සිය සභාපතීත්වය යටතේ එම තේරීම් කාරක සභාව ස්වාධීනව කටයුතු කරන බව පැහැදිලිව පෙනෙන්නට තිබියදී, තමන්ගේ පළපුරුද්ද මදි බව ප්‍රකාශ කරමින් විපක්ෂය නියෝජනය කරන එම පක්ෂ මෙම තේරීම් කාරක සභාව මඟහැරීම බොළඳ ක්‍රියාවක් බවයි.

තේරීම් කාරක සභාවක සභාපතිවරයා ලෙස කටයුතු කිරීමේදී දේශපාලන පළපුරුද්දට වඩා පරිපාලනමය කටයුතු පිළිබඳ පළපුරුද්ද වැදගත් වන බවත් තමා නීතිඥවරයකු ලෙස වසර 30 ක් ද, රජයේ අධිනීතිඥවරයකු ලෙස වසර 7 ක් ද කටයුතු කර ඇති බවයි සාගර කාරියවසම් එහිදී කියා සිටියේ.