26.7 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalකුරානය ගිනි තැබුවාට එරෙහිව හඬ නැගූ එකම නායකයා රනිල්

කුරානය ගිනි තැබුවාට එරෙහිව හඬ නැගූ එකම නායකයා රනිල්

ස්වීඩනයේදී කුරානයක් ගිනි තැබීමට එරෙහිව හඬ අවදි කළ පළමු ලෝක නායකයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන පැවසීය.

හෙතෙම මේ බව සඳහන් කළේ දිවයින පුරා ඇති ඇළ මාර්ග ප්‍රතිසංස්කරණය කිරීමේ වැඩසටහනට සමගාමීව ගාල්ල දිස්ත්‍රික්කයේ ඇළ මාර්ග පවිත්‍ර කිරීමේ වැඩසටහනට සහභාගී වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා කියා සිටියේ ඊට එරෙහිව ලෝකයේ වෙනත් කිසිඳු නායකයෙක් තමන්ගේ හඬ අවදි නොකළ බවත් අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස මුවාවෙන් කැලඹීම් ඇති වීමට ඉඩ නොදෙන ලෙස ජනපති රනිල් බටහිර ජාතීන්ගෙන් ඉල්ලා සිටි බවත්ය.