29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsගොවීන්ගේ එළවළු මිලදී නොගන්නා වෙළෙඳුන්ගේ බලපත්‍ර අහෝසියි

ගොවීන්ගේ එළවළු මිලදී නොගන්නා වෙළෙඳුන්ගේ බලපත්‍ර අහෝසියි

ගොවින් විසින් ආර්ථික මධ්‍යස්ථාන වෙත රැගෙන එන එළවළු හා පලතුරු මිලදී නොගන්නා වෙළෙඳුන්ගේ බදු බලපත් අහෝසි කිරීමට පියවර ගන්නා බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.

මේ සම්බන්ධයෙන් ආර්ථික මධ්‍යස්ථානවල කළමනාකරුවන් හා ආර්ථික මධ්‍යස්ථානවලට පලතුරු හා එළවළු සපයන ගොවීන් කැඳවා පුළුල් ලෙස සාකච්ඡා කිරීමට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර තීරණය කර තිබේ.

ගොවීන් විසින් ආර්ථික මධ්‍යස්ථාන වෙත රැගෙන එන එළවළු හා පලතුරු ඔවුන්ගෙන් ඝෘජුවම මිලදී ගැනීම ප්‍රතික්ෂේප කරන වෙළෙඳසල් හිමියන් අතරමැදියන් හරහා ඒවා මිල දී ගන්නා බවට ගොවිජනතාව කෘෂිකර්ම අමාත්‍යංශයට පැමිණිලි කර ඇති අතර මේ හරහා ගොවි ජනතාව මෙන්ම පාරිභෝගිකයන් ද සූරාකෑමේ වැඩපිළිවෙළක් ආර්ථික මධ්‍යස්ථානවල ක්‍රියාත්මක වන බවට පෙනී ගොස් ඇති බව අමාත්‍යංශය පවසන්නේ.