27 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsත්‍රිපෝෂ නිෂ්පාදනය සාමාන්‍ය පරිදි

ත්‍රිපෝෂ නිෂ්පාදනය සාමාන්‍ය පරිදි

ත්‍රිපෝෂ නිෂ්පාදනය හා බෙදා හැරීම සාමාන්‍ය පරිදි සිදු කරන බව ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගමේ සභාපති දීප්ති කුලරත්න පවසයි.

හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේ මේ වනවිට මසකට ත්‍රිපෝෂ පැකට් ලක්ෂ 13ක ප්‍රමාණයක් නිෂ්පාදනය කරන බවයි.

ත්‍රිපෝෂ සමාගම සඳහාම ගොවීන් ලවා බඩ ඉරිඟු වග කිරීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවත් ඒ සඳහා අවශ්‍ය අනුමැතිය ලැබුණු පසු එම ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවත් සභාපතිවරයා අවධාරණය කළේය.