22 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsතාප්පය ආසන්නයේ පිරිසිදු කිරීම් කළ නගර සභා සේවකයා තාප්පයකට යටවීමෙන් ජීවිතක්ෂයට

තාප්පය ආසන්නයේ පිරිසිදු කිරීම් කළ නගර සභා සේවකයා තාප්පයකට යටවීමෙන් ජීවිතක්ෂයට

පානදුර නගර සභාවේ සේවකයකු අද (13) පස්වරුවේ තාප්පයකට යටවීමෙන් මියගොස් ඇතැයි පානදුර දකුණ පොලිසිය පවසනවා.

මෙලෙස මියගොස් ඇත්තේ පානදුර වලපල ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි සිව්දරු පියෙක්.

ඔහු අද පානදුර දුම්රිය නැවතුම්පොළ අසල පිහිටි නගර සභාවට අයත් කසල අංගනයේ තාප්පය ආසන්නයේ පිරිසිදු කිරීම් කටයුතු වල නියැලී සිටීයදී එම තාප්පය ශරීරය මතට කඩාවැටී ඇතැයි සඳහන්.

අවට සිටි පිරිස ඔහු බේරාගෙන පානදුර මූලික රෝහලට ඇතුලත් කර ඇති අතර එහි ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බව සඳහන්.