28 C
Colombo
Tuesday, October 28, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ චක්‍රලේඛය අද

පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ චක්‍රලේඛය අද

2024 වසර සඳහා පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීමේ චක්‍රලේඛය අද (13) නිකුත් කිරීමට නියමිතය.

අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ මෙම චක්‍රලේඛය නිකුත් කිරීමෙන් පසු පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ අයදුම්පත් යොමු කිරීමට අවස්ථාව පවතින බවයි.

අගෝස්තු මස 18 වැනිදා දක්වා මෙලෙස අයදුම්පත් යොමු කිරීමේ හැකියාව පවතින අතර අයදුම්පත් යොමු කිරීමේදී දරුවා පාසලට ඇතුළත් කිරීම සඳහා ඉදිරිපත් කරන ලිපි ලේඛන ජූනි මස 30 වැනිදාට පෙර සහතික කළ යුතුය.