― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsපිරමීඩ ජාවාරමේ ලොක්කන්ට විදෙස් ගමන් තහනමක්

පිරමීඩ ජාවාරමේ ලොක්කන්ට විදෙස් ගමන් තහනමක්

පිරමීඩ ක්‍රමයට මුදල් වංචා කළ ව්‍යාපාරික සමාගමක අධ්‍යක්ෂ මණ්ඩලයේ 06 දෙනෙකුට විදෙස් ගමන් තහනමක් පනවා තිබේ.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් විසිනුයි මෙම නියෝගය නිකුත් කරනු ලැබුවේ.

මීට අමතරව එම සමාගමේ බැංකු ගිණුම් 58ක්ද අත්හිටුවා තිබේ.

මහේස්ත්‍රාත්වරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන ඒකකය විසින් අධිකරණය හමුවේ කරනු ලැබූ ඉල්ලීමක් සැලකිල්ලට ගෙන මෙම නියෝගය ඊයේ (12) නිකුත් කරනු ලැබීය.