බලපත්ර නොමැතිව මගීන් ප්රවාහනය කරන බස් රථ සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් සිදුකරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව නිවේදනය කර ඇති අතර ඒ සඳහා විශේෂ කණ්ඩායම් හතරක් ද පත් කර තිබේ.
පොළොන්නරුව සහ මනම්පිටිය ප්රදේශවල සිදුවූ බස්රථ අනතුරෙන් පසු රට පුරා ඇති බස්රථ පිළිබඳව සොයා බලන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල් නිලාන් මිරැන්ඩා පවසයි.
බලපත්ර නොමැතිව දිවයිනේ විවිධ ප්රදේශවල බස් රථ ධාවනය වන බවට චෝදනා එල්ල වී ඇති බවයි ඔහු සඳහන් කළේ.