― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsමත්පැන් සාදය මරණයකින් කෙළවර වෙයි

මත්පැන් සාදය මරණයකින් කෙළවර වෙයි

මොරගහහේන තලගල වෙන්දේසි ඉඩමක සේවක පිරිසක් එක්ව ඊයේ රාත්‍රී පැවැත්වූ මත්පැන් සාදයකින් අනතුරුව පිහි ඇනුමකට ලක්වූ පුද්ගලයෙකු එම ස්ථානයේදීම මිය ගොස් තිබෙනවා.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ මිනුවන්ගොඩ, මාබෝදල, ඉද්දවත්ත පදිංචිව සිටි ස්කැවේටර් රියැදුරකු ලෙස සේවය කළ 39 හැවිරිදි එක් දරු පියෙක්.

වසර හතරකට අධික කාලයක් වෙන්දේසි ඉඩමේ ස්කැවේටර් රියදුරකු ලෙස කටයුතු කර තිබූ ඝාතනයට ලක් වූ පුද්ගලයාගේ වැඩ අවසන් බැවින් ඔහු වෙනුවෙන් අනෙක් සේවකයන් පිරිස මත්පැන් සාදයක් සංවිධානය කර තිබී ඇති අතර මේ සඳහා සහභාගිවීමට ඔහු නිවසේ සිට ඊයේ වෙන්දේසි ඉඩම කරා පැමිණ තිබූ බව පොලිසිය පවසයි.

රාත්‍රී දහය පමණ වනවිට මත්පැන් සාදය නිමවී ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු මැලිසිරිපුර ගම් ප්‍රදේශයේ බලා යාම සඳහා යතුරු පැදිය වෙත නැග සිටියදී ඝාතනයට ලක්වූ පුද්ගලයා ඔහුගේ ගෙල ප්‍රදේශය මිරිකා බාධා කිරීමේදී ඊට උරණ වී ගමන් බෑගයේ තිබුණු උල් පිහිය රැගෙන ඇන තිබූ බව මේ වන විට අනාවරණය වී ඇත.

වෙන්දේසි ඉඩමේ කාර්යාලය ට යාබදව මළ සිරුර උඩුබැලි අතට වැටී තිබූ අතර හිසට කොට්ටයක් ද තබා තිබූ බව පොලිසිය කියයි. කොට්ටය තැබූ පුද්ගලයා කව්දැයි කීමට කවුරුත් ඉදිරිපත් නොවන බව පොලීසිය පැවසීය. ඝාතනයට යොදාගත් උල් පිහිය සැකකරුගේ ගමන් බෑගය තුළ තිබී පොලිසිය මඟින් සොයාගෙන ඇත. මෙම ඝාතනය මෙම ස්ථානයේ නොව වෙනත් ස්ථානයක සිදුවන්නට ඇති බවට බොහෝ දුරට සැක කළ හැකි යැයි පොලිසිය කියයි.

ඝාතනය සම්බන්ධයෙන් වෙන්දේසි ඉඩමේ සේවකයන් හත් දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර ඝාතනය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදුකිරීමට නියමිතයි. මහේස්ත්‍රාත් පරීක්ෂණයක් පැවැත්වීමට නියමිතයි.

මොරගහහේන පොලිසිය පරීක්ෂණ පවත්වනු ලබයි.