29.5 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalමහාධිකරණයේ 33%ක්ම ළමා අපචාර හා ස්ත්‍රී දූෂණ නඩු

මහාධිකරණයේ 33%ක්ම ළමා අපචාර හා ස්ත්‍රී දූෂණ නඩු

මෙරට මහාධිකරණය තුළ පවතින නඩුවලින් 33%ක් ළමා අපචාර හා ස්ත්‍රී දූෂණ සම්බන්ධ නඩු බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ පැවසීය.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ රටේ සමස්ත අධිකරණ පද්ධතිය තුළ ළමා අපචාර හා ස්ත්‍රී දූෂණ සම්බන්ධ නඩු 24700ක් පමණ තිබෙන බවයි.

මෙරට මහාධිකරණ තුළ පවතින නඩු 29700න් 9800ක්ම ළමා අපචාර හා ස්ත්‍රී දූෂණ සම්බන්ධ නඩු බවට ගණන් බලා තිබෙනවා. ඒ කියන්නේ මහාධිකරණවල තිබෙන නඩුවලින් 33%ක් ළමා අපචාර හා ස්ත්‍රී දූෂණ සම්බන්ධ නඩු කියන එකයි. මෙම තත්ත්වය පිළිබඳ අපි කනගාටු විය යුතුයි. සමාජය නිවැරදි මාර්ගයට ගෙන ඒම නීතියෙන් පමණක් කළ නොහැකියි. ඒ සඳහා සියලුදෙනා එක්ව සමාජ යහපත උදෙසා කටයුතු කළ යුතුයි.”