26.7 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමෙරටින් සරම්ප රෝගීන් 20ක්

මෙරටින් සරම්ප රෝගීන් 20ක්

මේ වනවිට මෙරටින් සරම්ප රෝගීන් 20කට ආසන්න ප්‍රමාණයක් වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පෙන්වා දෙයි.

මිත්‍යා විශ්වාස පළ කරන ඇතැමි ආගමික කණ්ඩායම් විසින් දරුවන්ට සරම්ප එන්නත ලබා දීම වළක්වාලීම ඊට හේතුවී ඇති බවයි ඔවුන් සඳහන් කරන්නේ.

ශ්‍රී ලංකාව තුළ වසරකට ලක්ෂ 03ක් පමණ වූ උපදින දරුවන්ගෙන් 1500 -1700 අතර සංඛ්‍යාවක් සරම්ප සඳහා එන්නත ලබා නොමැති බවයි වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ, විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ පැවසුවේ.

හෙතෙම මේ බව කියා සිටියේ ඊයේ (12) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

එන්නත් ලබා නොගත් දරුවන්ට කරුණාකර දෙමාපියන් මැදිහත් වී එන්නත් ලබා දෙන්න. කිසිම ගැටලුවකින් තොරව එන්නත් ලබා දීම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල විසින් සිදු කරනවා. එන්නත් ලබා නොගත් අයගේ ලේඛනය සෞඛ්‍ය අංශ සතුව පවතිනවා. එළඹෙන සතියේ මේ දරුවන් සොයා ෙසෟඛ්‍ය කාර්ය මණ්ඩලය නිවෙස්වලට යනවා. බලෙන් දෙන්න බැහැ. ලෙඩවල අනතුර දකින්නේ නැති නිසයි මේ අය එන්නත් නොගන්න එන්නේ.