28.4 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසනත් නිශාන්තට එරෙහි පෙත්සම් යළි කැඳවීමට නියෝග

සනත් නිශාන්තට එරෙහි පෙත්සම් යළි කැඳවීමට නියෝග

අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා එල්ල වී සිටින රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තට එරෙහිව ගොනුකර තිබෙන පෙත්සම් 03ක් සැප්තැම්බර් මස 27 වැනිදා යළි කැඳවන ලෙස අභියාචනාධිකරණය අද (13) නියම කළේය.

මෙම පෙත්සම් අද අභියාචනාධිකරණ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර් යන විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබූ අතර එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනීසිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය, අධිකරණයට දන්වා සිටියේ මෙම පැමිණිල්ලට අදාළව කටහඬ පරීක්ෂණයක් සිදු කිරීමට අවශ්‍යව තිබෙන බවත් එය රජයේ රස පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඉදිරිපිට කිරීමට අවශ්‍යව තිබෙන බවත්ය.

ඒ අනුව පෙත්සම සැප්තැම්බර් මස 27 වැනිදා යළි කැඳවන ලෙස නියෝග කළේය.