28.9 C
Colombo
Tuesday, August 12, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsසමෘද්ධි දෙපාර්තමේන්තුවට ආසියානු සංවර්ධන බැංකුවෙන් දැනුම්දීමක්

සමෘද්ධි දෙපාර්තමේන්තුවට ආසියානු සංවර්ධන බැංකුවෙන් දැනුම්දීමක්

ආසියානු සංවර්ධන බැංකු ණය ආධාර යටතේ 2022 වසරේ සැප්තැම්බර් මාසයේ සිට දෙසැම්බර් දක්වා මාස 4ක කාලයක් මසකට රුපියල් 2,500 බැගින් ගර්භණී මවුවරුන්ට ලබා දුන් ගෙවීම් තහවුරු කර එවන ලෙසට ආසියානු සංවර්ධන බැංකුව සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබෙනවා.

මෙම වැඩසටහන යටතේ අයැදුම්කරුවෙකුට මාස 4 සඳහා රුපියල් 10,000 බැගින් ලබාදී තිබෙන අතර දිස්ත්‍රික්කයක් නියෝජනය කරමින් එක් බැංකුවක මුදල් ගෙවූ නාමලේඛනයක් ලබාදෙන ලෙසටයි දන්වා ඇත්තේ.

ඒ අනුව සමෘද්ධි බැංකුව ගර්භණී මවුවරුන්ට ගෙවීම් සිදු කළ තොරතුරු ඇතුළත් වාර්තාව මේ මස 14 දිනට පෙර ලබා දෙන ලෙසට සමෘද්ධි අධ්‍යක්ෂ ජනරාල් ආර්.පී.බී. තිලකසිරි සියලු ම දිස්ත්‍රික් ලේකම්වරුන්, සමෘද්ධි අධ්‍යක්ෂවරුන්, සමෘද්ධි සහනාධාර විෂය භාර නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

මීට අමතරව 2022 වසරේ අගෝස්තු සිට දෙසැම්බර් දක්වා සමෘද්ධි නිත්‍ය ගෙවීම් සම්බන්ධ වාර්තාවක් ද ලබා දෙන ලෙසට අධ්‍යක්ෂ ජනරාල්වරයා දැනුම් දී ඇති බව සදහන්.

බැංකු වෙත එවන ලද මුදල් ප්‍රමාණය හා පවුල් සංඛ්‍යාව ඇතුළත් කර දිස්ත්‍රික් සහනාධාර විෂය භාර නිලධාරියා වාර්තාවක් සකස් කළ යුතු බව ද හෙතෙම වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.