කොළඹ ප්‍රධානතම පාසලක සිසුන් තිදෙනකුට පහර දුන් බව කියන එම පාසලේම සිසුවකුගේ පියකු අත්අඩංගුවට ගත් බව හෝමාගම මූලස්ථාන පොලිසිය පවසනවා.
අදාල පාසලේ සිසුන් පිරිසක් රැහුණු විශ්ව විද්‍යාලයේ පැවැති රොබොටික් තරගාවලිකට සහභාගී වී ඇති බවත් එහිදී සිදු වූ කිසියම් අඩුපාඩුවක් සිසුන් පිරිස අතර බහින්බස් වීමක් දුර දිග ගොස් බස් රථය තුළද බහින්බස් වීම් සිදුව ඇත.
පසුව සිසුන්ගෙන් සිවු දෙනකු කොට්ටාව පිටවීමේ දොරටුව අසලින් බස් රථයෙන් බැස ඇති අතර එම අවස්ථාවේදී සිසුන් තිදෙනකු එක් සිසුවකුට පහර දී ඇත.
ඉන්පසු පහරකෑමට ලක් වූ සිසුවා ඔහුගේ පියාට දුරකතන ඇමතුමක් ලබා දී සිදු වූ දේ දැනුවත් කිරීමෙන් අනතුරුව එම ස්ථානයට පැමිණි පියා අනෙක් සිසුන් තිදෙනාට පහර දී ඇත.
පහර කෑමට ලක් වූ සිසුන් දෙදෙනකු රෝහල් ගත වී ඇති බව පොලිසිය පවසනවා.
පැමිණිල්ලට අනුව පහර දුන් බව කිරිවත්තුඩුව ප්‍රදේශයේ පදිංචිකරුවකු වන 49 හැවිරිදි පුද්ගලයකු අත් අඩංගුවට ගත් බවද පොලිසිය පවසයි සැකකරැ හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත