29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsහොරෙන් පෙම් සුව විඳින්න ගිය දැරියන්ට වූ අකරතැබ්බය

හොරෙන් පෙම් සුව විඳින්න ගිය දැරියන්ට වූ අකරතැබ්බය

මොනරාගල පොලිස් වසමට අයත් වැඳිකුඹුර ප්‍රදේශයේ පාසලක ඉගෙනුම ලබන දැරියන් තිදෙනෙක් එම ප්‍රදේශයේම පෙම්වතුන් තිදෙනෙකු සමඟ ඊයේ (12) මොනරාගල හුලංදාව දකුණ ප්‍රදේශයේ පිහිටි සූකිරිඇල්ල නැරඹීමට ගොස් තිබේ.

එහිදී ඔවුන් තිදෙනාට බරපතල ලිංගික අතවර සිදුකර ඇති බවට මොණරාගල පොලීසියට පැමිණිල්ලක් කර ඇත.

මෙම දැරියන් තිදෙනා එදින පාසල් යාමට නිවෙස් වලින් පිටව ගොස් ඇතත් පාසලට නොපැමිණි බවට තොරතුරු ලැබීමෙන් පසු ඒ පිළිබඳව සොයා බැලීමේදී තරුණයින් තිදෙනෙකු සමඟ යතුරුපැදිවලින් හුලංදාව දකුණු ප්‍රදේශයට ගොස් ඇති බවට අනාවරණය වී තිබේ.

පාසල් නිම වන වෙලාවට (පස්වරු 2.30) පමණ දැරියන් තිදෙනා නැවත නිවෙස්වලට පැමිණ ඇති අතර නිවැසියන් ඒ පිළිබඳව විමසීමේදීයි දැරියන් ඔවුන් වී ඇති අකරතැබ්බය පවසා ඇත්තේ.

මෙම දැරියන් තිදෙනාව 15 හැවිරිදි වියේ පසුවන අතර ඔවුන්ගේ පෙම්වතුන් තිදෙනාම 17 හැවිරිදි වියේ පසුවන අය බවයි පොලීසිය සඳහන් කළේ.

මොවුන් යතුරුපැදි තුනකින් පෙම්වතියන් සමඟ සූකිරිඇල්ල නැරඹීමට ඊයේ උදෑසන උදෑසන ගොස් ඇති අතර දියඇල්ල අසළ කැළෑවකට ගොස් පෙම්වතියන්ට බරපතල ලිංගික අතවර කර ඇති බවයි වාර්තා වන්නේ.

එක් දැරියකගේ පියා විසින් සිද්ධිය පිළිබඳව දැනගැනීමෙන් පසු ඒ පිළිබඳව මොණරාගල පොලීසියට පැමිණිලි කර ඇති අතර අනතුරුව දැරියන් තිදෙනා සහ පෙම්වතුන් තිදෙනා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

දැරියන් තිදෙනා වෛද්‍ය පරීක්ෂණයක් සඳහා මොණරාගල දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර තිබේ.

පෙම්වතුන් තිදෙනා මොණරාගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.