26.1 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsසුපිරි කොලිවුඩ් නළු රජිනි කාන්ත් ශ්‍රී ලංකාවට

සුපිරි කොලිවුඩ් නළු රජිනි කාන්ත් ශ්‍රී ලංකාවට

ඉන්දීය දමිළ සිනමාවේ දැවැන්තයෙකු වන රජිනි කාන්ත් කටුනායක ගුවන් තොටුපළට පැමිණ තිබෙනවා.

අප ගුවන්තොටුපල වාර්තාකරු සඳහන් කළේ අද දහවල් ඔහු මෙලෙස කටුනායක ගුවන්තොටුපලට පැමිණ ඇති බවයි.

ශ්‍රී ලංකාව හරහා වෙනත් රටකට ගමන් කරන අතරවාරයේ පැය කිහිපයක් සඳහා ඔහු කටුනායක ගුවන්තොටුපලෙහි නතරවී සිට තිබෙනවා.

ඉන්දියාවේ චෙන්නායි සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ UL- 122 දරන ගුවන් යානයෙන් අද දහවල් 11.30 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබූ ඔහු ගුවන් තොටුපොළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත කැඳවා විශේෂ පිළිගැනීමකට ද ලක් කර තිබුණා.