25.6 C
Colombo
Tuesday, July 22, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅඩු ආදායම්ලාභීන් මහල් නිවාස 06ක පදිංචි කරවීමට සැලසුම්

අඩු ආදායම්ලාභීන් මහල් නිවාස 06ක පදිංචි කරවීමට සැලසුම්

තෝරාගත් අඩු ආදායම්ලාභීන් හඳුනාගෙන ඔවුන් මහල් නිවාස සංකීර්ණ 06ක නිවාස ඒකක 4074ක පදිංචි කිරීමට සැලසුම්කර තිබෙනවා.

කොළඹ නාගරික පුනර්ජීවන ව්‍යාපෘතියට සහය වීමේ ව්‍යාපෘතියේ පාර්ශවකරුවන් දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහන පිළිබඳ සාකච්ඡාවක් අමාත්‍ය ප්‍රසන්න රණතුංගගේ ප්‍රධානත්වයෙන් ඊයේ (13) පැවැත්වුණා.

මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ මූලික අරමුණ වන්නේ කොළඹ නගරය සුහුරු නගරයක් බවට පත් කිරීමයි. ඒ අනුව අදාළ ව්‍යාපෘතිය මගින් තෝරාගත් අඩු ආදායම්ලාභීන් හඳුනාගෙන ඔවුන් ව්‍යාපෘතිය හරහා ගොඩනඟන මහල් නිවාස සංකීර්ණ 6ක නිවාස ඒකක 4074ක පදිංචි කිරීමට සැලසුම්කර ඇති බවටයි මෙහිදී හෙළි වූයේ.

දැනට ජනතාව පදිංචිකර ඇති මහල් නිවාසවල විදුලි සෝපාන, ගිනි නිවන උපකරණ ආදිය ගලවා ඒවාට දැඩි හානි පමුණුවා ඇති බව එහිදී අනාවරණ වී තිබෙනවා. එහිදී අමාත්‍යවරයා සඳහන් කළේ මෙම මහල් නිවාසවල ජනතාව පදිංචි කිරීමට පෙර ඔවුන් සම්බන්ධයෙන් පසු විපරමක් සිදුකළ යුතු බවත් ඒ සඳහා ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම්, ග්‍රාම නිලධාරී, සමෘද්ධි සංවර්ධන නිලධාරී, පොලිස් නිලධාරීන්, භික්ෂූන් වහන්සේලා, අධ්‍යාපන නිලධාරීන්, ප්‍රවාහන කේෂ්ත්‍රයට සම්බන්ධවූවන්ගෙන් සමන්විත කමිටුවක් පත් කළ යුතු බවයි.

එවිට නිවාස සංකීර්ණවල පදිංචිකරවීමට නියමිත අඩු ආදායම්ලාභී ජනතාව සම්බන්ධයෙන් පෙර අවබෝධයක් ලබාගත හැකි බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළා. එමෙන්ම මහල් නිවාසවල පදිංචිව සිටින ජනතාවට මෙම වසර ඇතුළත හිමිකම් ඔප්පු ලබාදීම අවසන් කරන ලෙස ද අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.