― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsඅලුත් කැලණි පාළමේ කෝටි 28ක ඇණ මුරිච්චි ගලවගෙන ගිහින්!

අලුත් කැලණි පාළමේ කෝටි 28ක ඇණ මුරිච්චි ගලවගෙන ගිහින්!

අලුතින් ඉදිකරන ලද ‘කල්‍යාණි රන් පිවිසුම’ නමින් නම් කළ නව කැලණි පාළමේ රුපියල් කෝටි 28කට අධික වටිනාකමකින් යුත් තඹ කම්බි හා ඇණ මුරුච්චි මත්කුඩුවලට ඇබ්බැහිවූවන් විසින් ගලවාගෙන ගොස් ඇතැයි අනාවරණය වී තිබේ.

ජපන් රජයේ ණය ආධාර මතයි මෙම නව කළණි පාලම ඉදිකර ඇත්තේ.
කෝන්ක්‍රීට් ආවරණ රාත්‍රි කාලයේ හොර රහසේ කඩා දමමින් කොන්ක්‍රීට් ආවරණ තුළ තිබූ තඹ කම්බි ගලවා ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

පොළවේ සිට සම්බන්ධ වන තඹ කේබල් කපාගෙන යාමෙන් නව කැලණි පාලම අනතුරක ඇතැයි තමාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස්වූ ජාතික ආරක්ෂාව පිළිබඳව ආංශික කාරක සභාවේදී හෙළි වූ බවත් ඒ අනුව වහාම ආරක්ෂාව තහවුරු කරන්නැයි වගකිවයුතු අංශවලට යොමුකළ බවත් පාර්ලිමේන්තු මන්ත්‍රි රියර් අද්මිරාල් සරත් වීරසේකර පැවැසීය.

මෙම ප්‍රදේශය අධිආරක්ෂිත කලාපයක් කරන්නැයි ඔහු යෝජනා කර තිබේ. මෙම තත්ත්වය මත නව කැලණි පාලම හා කටුනායක කොළඹ අධිවේගී මාර්ගයේ ආරක්ෂාව සඳහා රක්නා ලංකා සමාගම වෙත පැවරීමට අවධානය යොමුකර ඇත.