28.9 C
Colombo
Friday, June 6, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද රැස්වෙයි

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද රැස්වෙයි

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ විශේෂ රැස්වීමක් අද (14) පෙරවරුවේ පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තා වනවා.

ඒ කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන්.

පාර්ලිමේන්තු සංකීර්ණයේදී මෙම විශේෂ රැස්වීම පැවැත්වීමට නියමිත අතර එහිදී කරුණු කිහිපයක් සම්බන්ධයෙන් සකච්ඡා කිරීමට නියමිත බවයි වාර්තා වුණේ.

ඒ අනුව ස්වාධීන කොමිෂන් සභා සඳහා සාමාජිකයින් පත් කිරීම, පොලිස්පති සී.ඩී.වික්‍රමරත්නට ලබාදී ඇති සේවා දිගුව අනුමත කිරීම ඇතුළු කරුණු කිහිපයක් අද රැස්වෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ දී සාකච්ඡාවට බඳුන්වීමට නියමිතයි.