25 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඉන්ධන බෙදාහැරීමේ ගිවිසුමට සිනොපෙක් අත්සන් තබයි

ඉන්ධන බෙදාහැරීමේ ගිවිසුමට සිනොපෙක් අත්සන් තබයි

ලංකාව තුළ ඉන්ධන බෙදාහැරීම සඳහා වූ ගිවිසුමට සිනොපෙක් සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය අද (14) අත්සන් තබා තිබේ.

සිනොපෙක් විසින් ඉන්ධන ආනයනය, ගබඩා කිරීම සහ අලෙවිය ඇතුළත් ව්‍යාපෘතිය සඳහා ඩොලර් මිලියන 100ක් ආයෝජනය කර ඇත.

මෙම ව්‍යාපෘතිය සඳහා දැනට ඛනිජතෙල් නීතිගත සංස්ථාව විසින් පවත්වාගෙන යනු ලබන පෞද්ගලික ඉන්ධන අලෙවිසැල් 150ක් සම්බන්ධ අතර නව ඉන්ධන පිරවුම්හල් 50ක් ස්ථාපිත කිරීමට නියමිතය.

මෙම ගිවිසුම මගින් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩල පනතේ අංක 17 ප්‍රකාරව සිනොපෙක් එනර්ජි ලංකා (Sinopec Energy Lanka) ආයතනයේ අධීක්‍ෂණය යටතේ වසර 20ක් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට ඉඩ ලබාදී තිබේ.