― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsඑක්දරු පියාට දිවි අහිමි කළ සිද්ධියට තවත් 7ක් අත්අඩංගුවට

එක්දරු පියාට දිවි අහිමි කළ සිද්ධියට තවත් 7ක් අත්අඩංගුවට

මොරගහහේන තලගල ප්‍රදේශයේ වෙන්දේසි ඉඩමකදී 39 හැවිරිදි එක්දරු පියෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් එම වෙන්දේසි ඉඩමේ සංවර්ධන කටයුතු කරමින් සේවය කළ තවත් පුද්ගලයන් 7 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පෙරේදා (12) රාත්‍රී එම වෙන්දේසි ඉඩමේ කාර්යාලය අසල පැවැති මත්පැන් සාදයකින් අනතුරුවයි මෙම ඝාතනය සිදුවී තිබුණේ.

සිද්ධිය සම්බන්ධයෙන් මේවන විට අත්අඩංගුවට ගෙන සිටින ප්‍රධාන සැකකරු වන මැල්සිරිපුර ප්‍රදේශයේ පදිංචි හිටපු ගුවන් හමුදා සෙබලා අදාළ මත්පැන් සාදයෙන් පසු තම ගම් ප්‍රදේශය බලා පිටත්වීම සඳහා යතුරුපැදිය මත සිටියදී ඝාතනයට ලක්වූ පුද්ගලයා ඔහුගේ ගෙල මිරිකීම හේතුවෙන් ඇතිවූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් අනතුරුව ඝාතනය සිදුවී තිබුණා.

හිටපු ගුවන් හමුදා සෙබලා ඔහුගේ ගමන් බෑගයේ තිබූ උල් පිහියකින් එම පුද්ගලයාට ඇන ඝාතනය කර තිබූ බව සඳහන්.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි ස්කැවේටර් රියදුරෙකු ලෙස රැකියාව කළ නිරෝෂන් චන්දිම නැමැති 39 හැවිරිදි එක්දරු පියෙක්.

එම ඝාතනය  සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීම සඳහා හොරණ මහේස්ත්‍රාත් චන්දිම කලංසූරිය මහතාගේ නියෝග මත අධිකරණ වෛද්‍යවරයෙකු වෙත යොමු කෙරුණා.

අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවන් 7දෙනා තුවාලකරු රෝහල් ගත කිරීමට කිසිදු උත්සාහයක් නොගෙන පොලිස් හදිසි ඇමතුම් අංශයට මෙන්ම 1990 ගිලන් රථයට  ඇමතුම් ලබාදෙමින් කල් ගත කර ඇති බවටයි පොලිසිය සිදු කළ විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.

එම තොරතුරු අනුව සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ. ඔවුන් හොරණ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.