මෙරට ඇති සියලු ඖෂධ පිළිබඳ විනිවිදභාවයක් අවශ්‍ය බවත් ජනතාවට ඖෂධ ලබා ගැනීමේදී ප්‍රමාදයක් සිදු නොවන බවට සෞඛ්‍ය අමාත්‍යංශය සහතික විය යුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.
ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ සෞඛ්‍ය ක්ෂේත්රයට අදාළ ගැටලු සම්බන්ධව පැවති සාකච්ඡාවේදීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා කියා සිටියේ සෞඛ්‍ය අමාත්‍යංශය විසින් පවත්වාගෙන යනු ලබන වෙබ් අඩවි මගින් දිනපතා සෑම රෝහලක් සතු ඖෂධ ගණන සහ දිනකට ලබාගත හැකි මුළු ඖෂධ ගණන පිළිබඳ දත්ත ලබා දිය යුතු බවයි.
මෙම ජාලගත ක්‍රියාවලිය මගින් රෝහල් අතර ඖෂධ හුවමාරු කර ගැනීමට ද අවස්ථාව හිමි වෙයි.