― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsකෘතිම රසකාරකවල පිළිකාකාරක අඩංගුයි

කෘතිම රසකාරකවල පිළිකාකාරක අඩංගුයි

සිසිල් බීමවල බහුලව භාවිතා වන කෘතිම රසකාරකයක් වන aspartame මිනිසුන්ට පිළිකා කාරක විය හැකි රසකාරකයක් ලෙස වර්ගීකරණය කළ ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ International Agency for Research on Cancer (IARC) කණ්ඩායම ප්‍රංශයේ පැවති රැස්වීමකදී aspartame පිළිකා කාරකය පිළිබඳව ප්‍රථම වරට ඇගයීමක් සිදු කර තිබෙනවා.

IARC කණ්ඩායම aspartame මිනිසුන්ට පිළිකා කාරකයක් ලෙස වර්ගීකරණය කළ ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ලැබී ඇති සාක්ෂි මත පදනම්ව එය අක්මාවේ පිළිකාවක් වන hepatocellular පිළිකාවට වර්ධනය කරන පිළිකා කාරකයක් ලෙස හඳුනාගෙන තිබෙනවා.

IARC හි Mary Schubauer-Berigan පැවසුවේ hepatocellular පිළිකා සඳහා සීමිත සාක්ෂි එක්සත් ජනපදයේ සහ යුරෝපීය රටවල් 10ක සිදු කරන ලද අධ්‍යයන තුනකින් ලැබුණු බවයි.

අක්මාව ආශ්‍රිත පිළිකා පරීක්ෂා කළ එකම වසංගත අධ්‍යයනය මෙය වන බවයි ඇය සඳහන් කරන්නේ. .

පසුගිය මැයි මාසයේදී ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කළේ සීනිවලට විකල්පයක් ලෙස භාවිතා කරන කෘත්‍රිම රසකාරක, බර අඩු කර ගැනීමට උපකාරී නොවන අතර බරපතල සෞඛ්‍ය බලපෑම් ඇති කළ හැකි බවයි.

එක්සත් ජාතීන්ගේ සෞඛ්‍ය කමිටුට සීනිවලට විකල්පයක් ලෙස භාවිතා කිරීමට එරෙහිව උපදෙස් මාලාවක්ද නිකුත් කර තිබෙනවා.

පැණිරස නිෂ්පාදන පරිභෝජනය කිරීම සම්පූර්ණයෙන්ම සීමා කරමින් ජලය පානය කිරීම මගින් සෞඛ්‍යමත් ජිවිතයක් ගත කළ හැකි බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය වැඩිදුරටත් සඳහන් කරන්නේ.