― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsගානියා බැරිස්ටර්ට වසර 02ක සිර දඬුවමක්

ගානියා බැරිස්ටර්ට වසර 02ක සිර දඬුවමක්

අසත්‍ය පැමිණිල්ලක් සිදු කළේ යැයි චෝදනා ලබා සිටි කොළඹ පිහිටි ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනියක වන ගානියා බැරිස්ටර් ෆ්‍රැන්සිස් එම චෝදනාවට වරද පිළිගැනීමෙන් අනතුරුව ඇයට අත්හිටවූ සිර දඬුවමක් නියම කිරීමට කොළඹ මහාධිකරණය නියම කළා.

විත්තිකාරියට පෙර වැරදි නොමැති බවට ඉදිරිපත් වූ වාර්තා සලකා බැලීමෙන් අනතුරුව මහාධිකරණ විනිසුරුවරයා මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළා.

ඒ අනුව ඇයට බරපතළ වැඩ සහිත වසර දෙකක සිර දඬුවමක් නියම කළ මහාධිකරණ විනිසුරුවරයා එය වසර පහකට අත්හිටුවීමට ද නියම කළා.

ඊට අමතරව රුපියල් පන්දහසක දඩයක් ද නියම කළ මහාධිකරණ විනිසුරුවරයා එම දඩය ගෙවීම පැහැර හරිනු ලැබුවොත් මාස තුනක සිර දඬුවමක් නියම කරන බවත් නියෝග කළා.

එමෙන්ම විත්තිකාරිය විසින් රුපියල් ලක්ෂ 20ක වන්දියක් ද ගෙවිය යුතු බව නියම කළ විනිසුරුවරයා එය ගෙවීම පැහැර හරිනු ලැබුවොත් තවත් මාස තුනක සිර දඬුවම් නියම කරන බවයි නියෝගයේ සඳහන් කළේ.

2019 වසරේ නොවැම්බර් මස 25 වැනිදා හෝ ඊට ආසන්න දිනයකදී කොළඹ ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමය අසළදී ආයුධ සන්නද්ධ පිරිසක් තමන්ව පැහැරගෙන ගොස් ප්‍රශ්න කොට ලිංගික හිරිහැර සිදුකළ බවට අසත්‍ය පැමිණිල්ලක් සිදුකිරීම සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් ඇයට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබුණා.