26.1 C
Colombo
Sunday, August 3, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsජේතවනාරාමයට ජල මුද්‍රිත ආවරණයක්

ජේතවනාරාමයට ජල මුද්‍රිත ආවරණයක්

අනුරාධපුර ජේතවනාරාම දාගැබට සිදුවන ජල කාන්දුව වැළැක්වීම සඳහා ජල මුද්‍රිත ආවරණයක් යෙදීමට තීරණය කර තිබේ.

දාගැබේ ගඩොල් අතර කුස්තුරවලින් එහි අභ්‍යන්තරයට සිදුවන ජල කාන්දුව වැළැක්වීමට ස්ථීර පිළියමක් ලෙස විශේෂයින් ඒ පිළිබඳ යෝජනා ඉදිරිපත් කළ බවයි මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජෙනරාල් මහාචාර්ය ගාමිණි රණසිංහ පැවසුවේ.

එහි පෞරාණික පෙනුමට බාධාවක් නොවන පරිදි හතරැස් කොටුවට ඉහළින් එම ආවරණය යොදන අතර ඔහු පැවසුවේ දාගැබේ ගර්භයේ පසුගිය කාලයේ ඇතිවූ පැලුම් මේ වනවිට පිළිසකර කරමින් ඇති බවයි.