30 C
Colombo
Thursday, January 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalතරුණියට ලබාදුන් එන්නතේ ප්‍රශ්නයක් නෑ - සෞඛ්‍ය ඇමති

තරුණියට ලබාදුන් එන්නතේ ප්‍රශ්නයක් නෑ – සෞඛ්‍ය ඇමති

උදරාබාධයක් හේතුවෙන් පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු හදිසියේ මිය ගිය 21 හැවිරිදි තරුණියගේ මරණයට හේතුව අසාත්මිකතාවක් බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසයි.

එම තරුණියට ලබාදුන් එන්නත් සම්බන්ධයෙන් කිසිදු ගැටලුවක් නොමැති බවද අමාත්‍යවරයා පැවසීය.

කෙසේ වෙතත් ඊයේ එම කාන්තාවගේ දෙමාපියන් චෝදනා කළේ තම දියණිය රෝහලේදී ලබාදුන් එන්නත හේතුවෙන් මිය ගිය බවයි.

මෙම තත්ත්වය තුළ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන සඳහන් කළේ අදාළ කාන්තාවගේ මරණය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා විශේෂ වෛද්‍ය කණ්ඩායමක් හෙට (15) පේරාදෙණිය රෝහලට යන බවයි.