28.4 C
Colombo
Thursday, July 31, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපිරමීඩ ජාවාරමක් මරණයකින් කෙළවර වෙයි

පිරමීඩ ජාවාරමක් මරණයකින් කෙළවර වෙයි

තංගල්ල, ගල්බොක්ක ප්‍රදේශයේදී බහින්බස්වීමක් දුරදිග ගොස් පොල්ලකින් සිදුකළ පහරදීමකින් ඊයේ (13) රාත්‍රියේ පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ වයස අවුරුදු 37ක තංගල්ල, ගොඩවැල්ලවෙල ප්‍රදේශයේ පදිංචි අයෙක් බවයි පොලිසිය සඳහන් කළේ. ඝාතනයට ලක්වූ පුද්ගලයා පිරමීඩ ජාවාරමකට යෙදවීමට මුදල් රුපියල් ලක්ෂ 20ක් සැකකරු වෙත ලබා දී ඇති අතර, ඒ පිළිබඳව විමසීමට සැකකරුගේ නිවසට ගිය අවස්ථාවේ දී මෙම පහරදීම සිදුකර ඇති බවයි විමර්ශන වලදී අනාවරණය වී ඇත්තේ.

පහරදීමෙන් බරපතළ තත්ත්වයේ පසුවූ පුද්ගලයා රෝහල් ගතකළත් මියගොස් ඇති බවයි වාර්තා වුණේ. ඝාතනය සිදුකළ සැකකරු මේ වනවිට ප්‍රදේශයෙන් පළාගොස් ඇති අතර, ඔහුව අත්අඩංගුවට ගැනීමට තංගල්ල පොලිසිය විමර්ශන සිදුකරනු ලබනවා.