23.9 C
Colombo
Thursday, August 28, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපෙම්වතියගේ නිරුවත් ඡායාරූප යාළුවන්ට බෙදාහැරි පෙම්වතාට ඇප

පෙම්වතියගේ නිරුවත් ඡායාරූප යාළුවන්ට බෙදාහැරි පෙම්වතාට ඇප

සිය පෙම්වතියගේ නිරුවත් ඡායාරූප මිතුරන් කිහිපදෙනකු අතර හුවමාරු කිරීම හේතුවෙන් අත්අඩංගුවට ගත් පෙම්වතා ඇතුළු පාසල් සිසුන් 6 දෙනෙකු ඇප මත නිදහස් කර තිබේ.

පෙම්වතා විසින් තම සම වයසේ පාසල් ශිෂ්‍යාවක සමඟ පෙම් ඇසුරක් පවත්වා ඇති අතර ඇය සමග වූ විරසකයක් මත මේ අසභ්‍ය දර්ශන සිය උපන්දින සාදයේදී මිතුරන් අතර මෙසේ හුවමාරු කරගෙන ඇති බවයි පොලීසියට අනාවරණය වී ඇත්තේ.

මෙලෙස ඡායාරූප සංසරණය කර ඇත්තේ කුරුණෑගල ප්‍රදේශයේ පාසලක සිසුන් කිහිපදෙනෙක් සමඟ වන අතර අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ පාසල් සිසුන් 6 දෙනා ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.