29.5 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපෙම්වතියන්ට හදි කළ පෙම්වතුන් තිදෙනා අත්අඩංගුවට

පෙම්වතියන්ට හදි කළ පෙම්වතුන් තිදෙනා අත්අඩංගුවට

මොනරාගල ප්‍රදේශ‍යෙන්, සූකිරි ඇල්ල නැරැඹීමට ගිය පෙම්වතියන් තිදෙනෙකු ඔවුන්ගේ පෙම්වතුන් විසින් බරපතළ ලෙස ලිංගික හිංසනයට ලක් කළ පුවතක් වාර්තා වනවා.

පාසල් යාම සඳහා නිවෙස්වලින් පැමිණ ඇති මෙම පෙම්වතියන් තිදෙනා පාසල් නොපැමිණි බවට ලද තොරතුරුක් මත මේ පිලිබඳ සොයා බලා ඇති බවයි වාර්තා වන්නේ.

මූලික විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ, අදාළ පෙම්වතුන් විසින් යතුරුපැදිවලින් පැමිණ මෙම සිසුවියන් තිදෙනා සූකිරිඇල්ල වෙත රැගෙන ගොස් ඇති බවයි.

මෙම සිසුවියන් තිදෙනා වයස අවුරුදු 15ක් වන පාසල් සිසුවියන් වන අතර පෙම්වතුන් තිදෙනාද පාසල් යන වයසේ පසුවන 17 හැවිරිදි ශිෂ්‍යයන් බවටයි වාර්තා වන්නේ.

මේ පිළිබඳව අනාවරණය වීමෙන් පසුව එක් දැරියකගේ පියෙකු විසින් මොනරාගල පොලිසියට පැමිණිලි කර තිබෙනවා.

එහිදී සැකකාර පෙම්වතුන් තිදෙනා අත්අඩංගුවට ගෙන ඇති අතර දැරියන් තිදෙනා වෛද්‍ය පරීක්ෂණයක් සඳහා මොනරාගල දිස්ත්‍රික් රෝහලට ඇතුළත් කිරීමට පියවර ගත් බවයි පොලිසිය පැවසුවේ.