29.5 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපේරාදෙණිය රෝහලේදී දිවියට සමුදුන් චමෝදිගේ අවසන් කටයුතු අද

පේරාදෙණිය රෝහලේදී දිවියට සමුදුන් චමෝදිගේ අවසන් කටයුතු අද

උදරාබාධයකට ප්‍රතිකාර ගැනීම සඳහා පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කළ පසු ජීවිතක්ෂයට පත් වූ 21 හැවිරිදි චමෝදී සන්දීපනී නැමැති තරුණියගේ අවසන් කටයුතු අද (14) සිදු කිරීමට නියමිතය.

මහනුවර, පොත්තපිටිය, අලගල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි 21 හැවිරිදි මෙම තරුණිය පසුගිය සඳුදා කැටපිටිය ප්‍රාථමික රෝහලට ඇතුළත් කරන්නේ උදරාබාධයක් හේතුවෙන්.

අනතුරුව මෙම තරුණිය වැඩිදුර ප්‍රතිකාර සඳහා පේරාදෙණිය ශික්ෂණ රෝහලට පසුගිය 11 වනදා ඇතුළත් කර ඇති බවයි වාර්තා වුණේ. එහිදී ඇය හදිසි ප්‍රතිකාර ඒකකයෙන් 07 වාට්ටුවට මාරු කිරීමෙන් අනතුරුව හෙදියක් විසින් ඇයට එන්නත් දෙකක් ලබා දීමට කටයුතු කර ඇති බව සඳහන්.

ඒත් සමඟ ඇය අවාසනාවන්ත ලෙස රෝහල තුළදී ජීවිතයෙන් සමු ගත්තා. චමෝදී සන්දීපනීගේ මෙම අවාසනාවන්ත මරණය සම්බන්ධයෙන් ඇයගේ පවුලේ ඥාතීන් චෝදනා කරන්නේ ඇයට රෝහල තුළ දී ලැබුණු ප්‍රතිකාර ඇයගේ මෙම අවාසනාවන්ත මරණයට හේතු වූ බවයි.

ඇයට ලබාදුන් බව කියන එන්නත් දෙක ඊට ප්‍රධාන හේතුවක් වූ බවට ඔවුන් චෝදනා කරනවා. චමෝදී සන්දීපනීගේ දේහය පෙරේදා රාත්‍රියේ දී ඇය පදිංචිව සිටි මහනුවර, පොත්තපිටිය, අලගල්ල ප්‍රදේශයේ පිහිටි නිවසට ගෙන එමෙන් පසු මේ දක්වා විශාල පිරිසක් ඇයට අවසන් ගෞරව දැක්වීමට පැමිණි බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මේ අතර මෙම තරුණියගේ අවාසනාවන්ත මරණය සිදුව ඇත්තේ ලබාදුන් ඖෂධයකින් නොව අසාත්මිකතාවකින් බව පේරාදෙණිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අර්ජුන තිලකරත්න ඊයේ (13) මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළා.

එමෙන්ම මේ පිළිබඳ සොයා බැලීම සඳහා විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් සැදුම්ලත් කමිටුවක් හෙට (15) දිනයේ අදාළ රෝහල් වෙත යාමට නියමිත බවයි වාර්තා වන්නේ.