30 C
Colombo
Saturday, July 12, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබහාලුම් රැසක් වරායේ සිරවී ඇති බවට චෝදනා

බහාලුම් රැසක් වරායේ සිරවී ඇති බවට චෝදනා

නිෂ්කාශන කටයුතු ප්‍රමාද වීමෙන් කන්ටේනර් රථ රැසක් කොළඹ වරායේ සිරවී ඇති බව කන්ටේනර් රියැදුරන් පවසයි.

කන්ටේනර් රථ කාර්යක්ෂමව මුදා හැරීමට රේගුව කටයුතු නොකිරීම හේතුවෙන් තමන් දැඩි පීඩාවට පත්ව ඇති බවයි කන්ටේනර් රියැදුරන් පවසන්නේ.

මේ දිනවල ආනයනින බහාලුම් සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බවත් මේ හේතුවෙන් පරීක්ෂණ අංගනවල ධාරිතාව ඉක්මවා නිෂ්කාෂණ කටයුතු සිදුකිරීමට සිදුව ඇති බවත් රේගු මාධ්‍ය ප්‍රකාශක සුදත්ත සිල්වා පැවසීය.

සාමාන්‍ය මාර්ග පද්ධතියේ රථ වාහන තදබදයක් ඇති නොවන පරිදි බාහාලුම් නිදහස් කිරීමේ නව ක්‍රමවේදයක් රේගුව විසින් ආරම්භ කර ඇති බව පැවසූ අධ්‍යක්ෂකවරයා සඳහන් කළේ එම වැඩපිළිවෙළ යටතේ රාත්‍රි කාලයේ බහාලුම් රථ වැඩි වශයෙන් වරායෙන් පිටතට මුදා හැරෙන බවයි.