27.8 C
Colombo
Tuesday, August 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමුලතිව් සමූහ මිනී වළේ කැණීම් කටයුතු නවත්වයි

මුලතිව් සමූහ මිනී වළේ කැණීම් කටයුතු නවත්වයි

මුලතිව්, කොක්කුතුඩුවායි සමූහ මිනී වළේ කැණීම් කටයුතු තාවකාලිකව නතර කරන ලෙස මුලතිව් අධිකරණය නියෝගයක් ලබා දී තිබේ.

ජාත්‍යන්තර ප්‍රමිතීන්ට හා නියමයන්ට අනුකූලව කැණීම් ආරම්භ කිරීමට සුදුසු පරිසරයක් ගොඩනගා ගන්නා තුරු කැණීම් කටයුතු නවතන ලෙසයි අධිකරණය නියෝග කොට ඇත්තේ.

කෙසේ වෙතත් දින තුනක කාලයක් මෙම ස්ථානයේ සිදු කළ කැණීම්වලදී කොටි සාමාජිකාවන්ගේ බවට සැක කරන මිනිස් අස්ථි කොටස් 16ක්, කොටි නිල ඇඳුම් කිහිපයක්, අවි ආයුධ, බෝම්බ හා තවත් යුද්ධ උපකරණ කිහිපයක්ද සොයාගෙන තිබේ.

එම ද්‍රව්‍ය මේ වනවිට මුලතිව් අධිකරණයේ ගබඩා කොට ඇති අතර කෝකිලායි හා මුලතිව් පොලිස් ස්ථානද මුලතිව් ආරක්ෂක අංශ ද කොක්කුතුඩුවායි සමූහ මිනී වළේ කැණීම් කටයුතු ජාත්‍යන්තර නියමයන්ට හා ප්‍රමිතියට අනුව සිදු කිරීමට අවශ්‍ය පියවර ගනිමින් සිටී.