26.7 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමෙරටදී අතුරුදන් වූ ඩෙන්මාර්ක් කතගේ සිරුර හමුවෙයි

මෙරටදී අතුරුදන් වූ ඩෙන්මාර්ක් කතගේ සිරුර හමුවෙයි

ශ්‍රී ලංකාවේ සංචාරයක් සදහා මහනුවරට පැමිණ අතුරුදන් වූ 38 හැවිරිදි ඩෙන්මාර්ක් ජාතික කාන්තාවගේ මළ සිරුර හමු වී තිබේ.

පොලීසිය පැවසුවේ අලගල්ල ගල මුදුනේ ලිස්සන ගල පාමුලදී ඇගේ සිරුර හමුවූ බවයි.

මෙම කාන්තාව පසුගිය 09 වැනිදා මහනුවර අම්පිටිය ප්‍රදේශයේ ලැගුම්හලක් වෙත පැමිණ නවාතැන් ගෙන ඇති අතර ඊට පසුදා ඇය යළි පැමිණෙන බව පවසමින් ලැගුම්හලෙන් පිටව ගොස් ඇතත් ඊයේ (13) වනතුරුත් නොපැමිණීම හේතුවෙන් ලැගුම්හලේ හිමිකරු මහනුවර පොලීසිය වෙත මේ සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

පොලීසිය සඳහන් කළේ කඩුගන්නාව ප්‍රදේශයේ කදු නැගීමට යන බව පවසමින් මෙම ඩෙන්මාර්ක් ජාතික කාන්තාව පිටව ගොස් ඇති අතර නිල සුනඛයන් ද යොදා ගනිමින් විශේෂ විමර්ශන කණ්ඩායමක් ඇය සෙවීම සඳහා යොදවා ඇති බවයි.

කෙසේනමුත් අද (14) අලගල්ල ගල මුදුනේ ලිස්සන ගල පාමුල තිබියදී ඇයගේ සිරුර පොලීසියට හමු වී තිබේ.