29.5 C
Colombo
Friday, September 12, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරජයේ ආදායම 38.1%කින් ඉහළට

රජයේ ආදායම 38.1%කින් ඉහළට

බදු ගෙවන්නන් මත නව බදු පැනවීමේ අදහසක් රජයට නොමැති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පැවසීය.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.

එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ රජය හැකිතාක් බදු අඩු කිරීමට පියවර ගන්නා බවයි.

පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ මුල් මාස පහ තුළ රජයේ මුළු ආදායම සියයට 38.1 කින් ඉහළ ගොස් තිබේ.

ඒ අනුව බදු ආදායම සියයට 44.9 කින් ද ආදායම් බදු සියයට 53.64 කින් ද භාණ්ඩ හා සේවා සියයට 65.6 කින් ද ඉහළ ගොස් ඇත.

කෙසේ වෙතත් ආනයනය සඳහා රජය පනවා ඇති විවිධ සීමා කිරීම් හේතුවෙන් මේ වසරේ විදේශ වෙළෙඳාමට අදාළ බදු සියයට 12.2 කින් අඩුවී ඇති බවද හෙතෙම සඳහන් කළේය.