කෙසෙල් ගෙඩියක් උගුරේ සිර වීමෙන් 8 හැවිරිදි පාසල් දැරියක් මිය ගොස් තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ පදිංචි කේ.පී. ගිත්මිනි හේසාරා නැමති දෙකටන ප්‍රාථමික විද්‍යාලයේ 3 වන ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ සිසුවියක්.
දහම් පාසලේ විවේක වේලාවේ දී කෙසෙල් ගෙඩියක් ආහාරයට ගන්නා අවස්ථාවේ මෙලෙස ඇයගේ උගුරේ සිරවී තිබෙන අතර පසුව දහම් පාසලේ ආචාර්ය මණ්ඩලය විසින් ඇයව දොම්පේ මූලික රෝහලට ඇතුලත් කර ඇති අතර එහිදි කෘත්රිමට ස්වසනය ලබා දී පසුව වැඩිදුර ප්‍රතිකාර සදහා ඇතිව ගම්පහ මහ රෝහලට මාරු කර යවා තිබෙනවා.
දින 5ක් එම රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබූ මෙම දැරිය පසුව ජිවිතක්ෂයට පත්වුණා.