31 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsකොළඹ - කන්කසන්තුරේ දුම්රිය ගමන් අද සිට යළි ඇරඹේ

කොළඹ – කන්කසන්තුරේ දුම්රිය ගමන් අද සිට යළි ඇරඹේ

කොළඹ, කොටුවේ සිට කන්කසන්තුරේ දක්වා සාමාන්‍ය කාලසටහන් අනුව දුම්රිය ධාවනය අද (15) යළි ආරම්භ කෙරිණි.

ඒ, දුම්රිය මාර්ගය අලුත්වැඩියාව සඳහා අනුරාධපුර – ඕමන්තේ දුම්රිය මාර්ගය මාස 6 කට අධික කාලයක් වසා දැමීමෙන් අනතුරුවයි.

කිලෝමීටර් 62ක දුරකින් යුත් අනුරාධපුර – ඕමන්තේ අතර දුම්රිය මාර්ගය ඉන්දියානු ණය ආධාර යටතේ අලුත්වැඩියා කළ අතර ඒ සඳහා වැය වූ මුදල රුපියල් බිලියන 33 කි.

මාර්ගය ප්‍රතිසංස්කරණයත් සමග එම කොටසේ පැයට කිලෝමීටර් 100ක වේගයෙන් දුම්රිය ධාවනය කිරීමට හැකිවනු ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

යාපනය කොළඹ දුම්රිය ආසන වෙන් කිරීමේ සේවාව ද නැවත ආරම්භ කළ බවයි දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ.