27.2 C
Colombo
Monday, July 21, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsගොඩනැඟිලි ඉදිකර දෙන බව පවසා කෝටි ගණනක් වංචා කළ කතක් පොලිස් දැලේ

ගොඩනැඟිලි ඉදිකර දෙන බව පවසා කෝටි ගණනක් වංචා කළ කතක් පොලිස් දැලේ

පුද්ගලික ඉදිකිරීම් සමාගමක් පවත්වාගෙන යමින් රුපියල් කෝටි ගණනාවක් වංචා කළ කාන්තාවක් අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය සඳහන් කරනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 35 හැවිරිදි වියේ පසුවන කාන්තාවක් බවයි පොලිසිය සඳහන් කළේ.

මුල්ලේරියාව නව නගරයේ සැකකාරිය ඉදිකිරීම් සමාගමේ කාර්යාලය පවත්වාගෙන යමින් එහි අධ්‍යක්ෂකවරිය ලෙස කටයුතු කර ඇති අතර, එහි කාර්ය මණ්ඩලයට වෙනත් කිසිවකු සේවය කර නොමැති බවයි වාර්තා වන්නේ.

සැකකාරිය දෙමහල් ගොඩනැගිල්ලක් ඉදිකර දෙන බව පවසා කොළොන්නාව ප්‍රදේශයේ කන්තාවකගෙන් අත්තිකාරම් වශයෙන් රුපියල් ලක්ෂ 57ක් ලබාගෙන ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

එහිදී අඩක් පමණක් නිවසේ වැඩ සිදුකර දීම සම්බන්ධයෙන් අදාළ කාන්තාව කොළඹ අපරාධ කොට්ඨාසය වෙත කරන ලද පැමිණිල්ලකට අනුවයි සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇත්තේ.

ස්ථීර ලිපිනයක් සැකකාරියට නොමැති බැවින් සහෝදරයෙක් මාර්ගයෙන් සැකකාරිය කොළඹ අපරාධ කොට්ඨාසය වෙත කැඳවා ප්‍රකාශ සටහන් කරගැනීමෙන් අනතුරුව අත්අඩංගුවට ගැනීම කළ බවයි උසස් නිලධාරියෙක් සඳහන් කළේ.

සැකකාරියට මෙවැනි ආකාරයෙන් මුදල් වංචා කිරීමේ පැමිණිලි හොරණ, කළුතර ඇතුළු තවත් ප්‍රදේශ කිහිපයකින්ම පොලිසියට ලැබී ඇති බවට මේ වන විට අනාවරණය වී තිබෙනවා.

අත්අඩංගුවට ගැනුණු සැකකාරිය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.