26.7 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsදුනුමාලේ සරත් ඝා+තන සිද්ධියට අදාල වැදගත් සාක්ෂියක් සොයාගැනේ

දුනුමාලේ සරත් ඝා+තන සිද්ධියට අදාල වැදගත් සාක්ෂියක් සොයාගැනේ

දුනුමාලේ සරත් නැමැති අපරාධ කල්ලි සාමාජිකයාට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ බවට සැක කෙරෙන ගමන් මල්ලක් පොලිසිය විසින් සොයා ගෙන තිබෙනවා.

පොලිසියට ලද තොරතුරකට අනුව වෙඩි තැබීම සිදුවූ ස්ථානයට ආසන්න ප්‍රදේශයක වනලැහැබක තිබිය දී මෙම ගමන් මල්ල සොයාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

එහි තුළ තිබී ජැකට් එකක්, ජංගම දුරකථනයක්, ටී 56 පතොරමක් සහ තවත් අමතර බෑගයක් සොයාගෙන තිබෙනවා.

අපරාධ කල්ලි සාමාජිකයෙක් ලෙස සැලකෙන දුනුමාල සරත් නැමැත්තාව වෙඩිතබා ඝාතනය කර තිබුනේ ඊයේ (14) උදෑසන කාලයේ දීයි.

ඔහු කැබ් රථයකින් ගමන් කරමින් සිටිය දී ගලපිටමඩ, දුනුමාලවත්ත ප්‍රදේශයේ දී ටී 56 වර්ගයේ ගිනි අවියකින් වෙඩි තබා මෙම ඝාතනය සිදුකර තිබුණා.

අපරාධ කල්ලි දෙකක් අතර පවතින ආරවුලක් මත මෙම වෙඩි තැබීම සිදුකරන්නට ඇති බවයි පොලිසිය සැකපළ කරන්නේ.

සිද්ධියට සම්බන්ධ කිසිවෙක් තවමත් අත්අඩංගුවට ගෙන නැහැ.