― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsප්‍රංශයේ ‘LORRAINE’ නෞකාව දිවයිනෙන් පිටත් වෙයි

ප්‍රංශයේ ‘LORRAINE’ නෞකාව දිවයිනෙන් පිටත් වෙයි

නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ප්‍රංශ නාවික හමුදාවට අයත් ‘LORRAINE’ නෞකාව නිල සංචාරය සාර්ථකව අවසන් කරමින් දිවයිනෙන් පිටත්ව ගොස් තිබෙනවා.

පසුගිය 11 වනදා මෙරටට පැමිණි නෞකාව ගජබාහු නෞකාව සමඟ පැවති ඒකාබද්ධ නාවික අභ්‍යාසයකින් පසුවයි අද මෙලෙස පිටත්ව ගියේ.

එහිදී එම නෞකාව වෙත ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික හමුදා සම්ප්‍රදායානුකූලව සමුදීම කොළඹ වරායේදී සිදු කෙරුණා.

මෙම ඒකාබද්ධ නාවික අභ්‍යාසයේදී (PASSEX) නෞකා පෙළ හැඩයන් ඔස්සේ ගමන් කිරීම, නෞකා අතර පණිවුඩ හුවමාරුව වැනි නාවික අභ්‍යාසයන් සාර්ථකව සිදු කරන ලද අතර, නෞකා අතර ආචාර සමාචාර සිදු කිරීමෙන් අනතුරුව, එම අභ්‍යාසය නිමාවට පත්වී තිබෙනවා.

‘LORRAINE’ නෞකාව දිවයිනේ රැඳී සිටි කාලසීමාව තුළ නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා එම නෞකාවේ නිරීක්ෂණ චාරිකාවක් ද සිදු කරනු ලැබුවා.

එහිදී නෞකාවේ අණදෙන නිලධාරි Captain Xavier BAGOT විසින් නාවික හමුදාධිපති නෞකාව වෙත පිළිගැනීමෙන් අනතුරුව, උත්තමාචාර පිරිනැමීම සිදු කර තිබෙනවා.

එමෙන්ම, ‘LORRAINE’ නෞකාවේ මෙහෙයුම් ක්‍රියාකාරීත්වය පිළිබඳ නිරීක්‍ෂණය සඳහා ශ්‍රී ලංකා නාවික හමුදා සාමාජිකයන්ට ද අවස්ථාව හිමිවූ අතර, නෞකාවේ නැව් මුළුව දිවයිනේ වැදගත් ස්ථාන නැරඹීමේ සංචාරයක ද නිරත වූ බවයි නාවික හමුදාව සඳහන් කළේ.

විදේශීය නාවික හමුදාවන්ට අයත් ‍නෞකා විසින් සිදුකරනු ලබන මෙවැනි සුහද සංචාර මඟින්, දෙරටේ නාවික හමුදාවන් අතර සුහදත්වය හා සහයෝගීත්වය වැඩිදියුණු වන අතර, එම නෞකා සංචාරයන්ට සමගාමීව සිදු කරනු ලබන ඒකාබද්ධ නාවික අභ්‍යාස තුළින් හුවමාරු කරගනු ලබන නව දැනුම සහ අත්දැකීම්, ඉදිරියේදී සාගර කළාපයේ පොදු සමුද්‍රීය අභියෝග සාමූහිකව ජයගැනීම සඳහා මහඟු පිටුවහලක් ගෙනදෙනු ඇතැයි ද නාවික හමුදාව ප්‍රකාශ කළා.