27.2 C
Colombo
Monday, July 21, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsබීඩි කොළ තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

බීඩි කොළ තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් රැගෙන එමින් තිබූ බීඩි කොළ තොගයක් රැගත් ඩිංගි යාත්‍රාවක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු කල්පිටිය මුහුදේදී නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වයඹ නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා විජය ආයතනය මඟින් ඊයේ (14) රාත්‍රී කල්පිටිය, පෙරිය අරිච්චාල් දූපත් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ කුඩා යාත්‍රා යොදවා සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී යි මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත්තේ.

අදාළ මෙහෙයුමේදී එම මුහුදු ප්‍රදේශය ඔස්සේ ගොඩබිම දෙසට යාත්‍රා කරමින් තිබූ සැකකටයුතු ඩිංගි යාත්‍රාවක් පරීක්ෂාවට ලක් කෙරුණා.

එහිදී, එම ඩිංගි යාත්‍රාව තුළ නීති විරෝධි ලෙස රැගෙන එමින් තිබූ උර 16ක අසුරන ලද බීඩි කොළ කිලෝ 530ක පමණ තොගයක් සමඟ එම ඩිංගි යාත්‍රාව සහ සැකකරුවන් දෙදෙනෙකු මෙලෙස නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා .

මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් වයස අවුරුදු 30 ක් සහ 44 ක් වන කල්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් බවටයි හඳුනාගෙන ඇත්තේ.

එම සැකකරුවන් දෙදෙනා, බීඩි කොළ තොගය සහ ඩිංගි යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා කටුනායක රේගු නිවාරණ කාර්යාලය වෙත භාරදීමට පියවර ගෙන තිබෙනවා.