30.6 C
Colombo
Wednesday, August 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsසරම්ප රෝගය වැළඳුණු ළමයින් සංඛ්‍යාව ඉහළට

සරම්ප රෝගය වැළඳුණු ළමයින් සංඛ්‍යාව ඉහළට

මෙරට සරම්ප රෝගය වැළඳුණු ළමයින් සංඛ්‍යාවේ ඉහළ යාමක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

එවැනි ළමුන් 20ක් හඳුනාගෙන ඇති බවයි වසංගත රෝග විද්‍යා ඒකකය පැවසුවේ.

සරම්ප වැළඳුණු දරුවන් 7දෙනකු මේ වනවිට රිජ්වේ ආර්යා රෝහලේ ප්‍රතිකාර ලබන බව එම රෝහලේ ළමා ශ්වසන රෝග විශේෂඥ වෛද්‍ය චන්න ද සිල්වා මහතා පැවසීය.

මාස 9 හා අවුරුදු 3දී සරම්ප රෝගයට ප්‍රතිශක්තිකරණ එන්නත් මාත්‍රා දෙකක් ලබා දිය යුතු බව වසංගත රෝග විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා පැවසීය.

එහෙත් විවිධ මිත්‍යා මත හේතුවෙන් සුළුතරයක් මව්පියන් ළමුන්ට එම ප්‍රතිශක්තිකරණය ලබා නෙදෙන බවට හෙළිව ඇත.

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලවලට ගොස් අවශ්‍ය ඕනෑම අවස්ථාවක මග හැරුණු සරම්ප රෝග ප්‍රතිශක්තිකරණ එන්නත් ලබාගත හැකි බවයි විශේෂඥ වෛද්‍ය සමිත ගිණිගේ මහතා සඳහන් කළා.