26.7 C
Colombo
Wednesday, July 30, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඖෂධ ගැන එල්ලවන චෝදනා සොයන්න විශේෂඥ කමිටුවක් - සෞඛ්‍ය ඇමති

ඖෂධ ගැන එල්ලවන චෝදනා සොයන්න විශේෂඥ කමිටුවක් – සෞඛ්‍ය ඇමති

ඖෂධ පිළිබඳව විවිධ පාර්ශ්ව ඉදිරිපත් කරන චෝදනා ඇතුළු කරුණු සම්බන්ධයෙන් කඩිනමින් සොයා බැලීම සඳහා විශේෂඥ වෛද්‍යවරුන් පස් දෙනෙකුගෙන් සමන්විත ස්වාධීන විශේෂඥ විද්වත් කමිටුවක් පත් කරන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

යම් ඖෂධයක් හෝ සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළ දෙයක් සම්බන්ධයෙන් ඉදිරිපත්වන ගැටලු පිළිබඳව නව කමිටුව මගින් ස්වාධීන විමර්ශනයක් සිදුකර කඩිනම් පියවර ගැනීමට නිර්දේශ ඉදිරිපත් කරනු ඇත.

ඒ සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය ලබා ගන්නා බවත් ඔහු පැවසුවා.

මේ අතර ඖෂධවල ප්‍රමිතිය සහ සෞඛ්‍ය ක්ෂේත්‍රය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව ඉදිරි සතියේ පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කිරීමට අපේක්ෂා කරන බව, සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කළේ ය.